කෘෂිකර්ම අංශයේ සියලු නිලධාරීන්ගේ දීර්ඝකාලින විදෙස්ගත වීම් වලට අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලුව සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන නිලධාරීන් මෙම තීරණයට යටත්වන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක පුරප්පාඩු රැසක් මේ වනවිට උද්ගතව තිබෙනවා.

මෙම තත්වය තුළ අත්දැකීම් බහුල නිලධාරීන් දීර්ඝකාලීනව විදේශ ගතවුවහොත් එය රටේ කෘෂිකාර්මික අංශය කඩාවැටීමට හේතුවක් වනු ඇති බවයි විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content