කෘෂිකාර්මික නවීකරණය සඳහා කාර්ය සාධක බළකායක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

කෘෂිකර්ම, වැවිලි සහ වාරිමාර්ග අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන අමාත්‍යාංශ මෙලෙස ඒකාබද්ධ කරමින් අදාළ කාර්ය සාධක බලකාය ස්ථාපිත කිරීමට නියමිතයි.

මෙම ඒකාබද්ධ කිරීම, පළාත් සභා නවයක සම්පත් සමඟ කෘෂිකර්මයට සම්බන්ධ ගැටලු කාර්යක්ෂමව විසඳීම අරමුණු කරගෙන ඇති බව සඳහන්.

මේ අතර ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟිය යුත්තේ අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් තුළ බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

 

WhatsApp Group

Skip to content