කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ සිය වැනි සමරු උත්සවයට සහභාගී වීම සඳහා ප්‍රංශයේ පැරිස් නුවර බලා පිටත්ව ගියා.

එම සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලි කොතලාවල මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගී වුණා.

ලෝක සත්ව සෞඛ්‍ය සංවිධානයේ ආරාධනයක් අනුවයි අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස මෙම සමුළුවට සහභාගී වීම සදහා පිටත්ව ගොස් ඇත්තේ.

WhatsApp Group

Skip to content