මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.63ක් වන අතර, එය පෙර මහ කන්නයට වඩා සියයට 2.4ක අඩුවීමක් බව මහ බැංකුව පවසනවා.

කාලගුණ තත්ත්වය හේතුවෙන් ධීවර කටයුතුවලට බාධා වීම මත පසුගිය මැයි මාසයේදී මත්ස්‍ය නිෂ්පාදනයද සියයට 5.3කින් පහත වැටී තිබෙනවා.

එමෙන්ම එම කාලය තුළ පසුගිය වසරට සාපේක්ෂව දේශීය සීනි නිෂ්පාදනයද සියයට 33.8 කින්, පොල් නිෂ්පාදනය සියයට 0.5න් පහත වැටී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ කෘෂිකාර්මික දත්තයන්හි දැක්වෙන්නේ.

තේ නිෂ්පාදනය සියයට 7.4 කින් පහත වැටී ඇති අතර, දේශීය රබර් නිෂ්පාදනය සියයට 27කින් අඩුවී තිබෙනවා.

WhatsApp Group

Skip to content