ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශය ඇතුළු අවට ගම්මාන රැසක ගොවිබිම් සඳහා යොදන කෘමි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව දිනෙන් දින වකුගඩු රෝගයට ගොදුරු වන බවට ජනතාව චෝදනා කරනවා.

මේ වන විට මහියංගනය, ගිරාඳුරුකෝට්ටේ තරුණ ජනපදය, බතලයාය, තිස්සපුර, කෙසෙල්පොත, රිදීමාලියද්ද, රොටලවෙල, බෙලගන්වැව, වැලිමඩයාය ඇතුළු ගම්මාන රැසක ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වී සිටින බවයි වාර්තා වන්නේ.

මෙම ප්‍රදේශවල ප්‍රධානතම ජීවනෝපාය මාර්ගය වන, ගොවිතැන සඳහා යොදන කෘෂි රසායනික ද්‍රව්‍ය, ප්‍රදේශයේ ජල උල්පත්, ඇළ මාර්ග සහ ගංඟාවලට එකතුවීමෙන් වකුගඩු රෝගයට ගොදුරු වන බවට ජනතාව පවසනවා.

WhatsApp Group

Skip to content