කෘතිම බුද්ධිය හඳුන්වාදීමට පෙර එහි අනිටු ප්‍රතිඵල වළක්වන ආරක්ෂණ නීති සම්පාදනය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ලොව දියුණු රටවල කෘතිම බුද්ධිය හදුන්වාදීමට පෙර එමගින් උද්ගත විය හැකි අයහපත් ප්‍රතිඵල වළක්වාගැනීමේ පුර්ව සුදානමක් ලෙස අදාළ නීති සම්පාදනය කරන බවයි සුසිල් ප්‍රේමජයනන්ත මහතා පෙන්වා දෙන්නේ.

ඒ අනුව ඒ පිළිබද රජය විශේෂ අවධානයක් යොමුකළ යුතු බවද අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content