කුළුබඩු කර්මාන්තය යළි නගා සිටුවීමට අවශ්‍ය පහසුකම් සැපයිමට රජය සුදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අතිතයේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවැති කුළුබඩු කර්මාන්තය නැවත නගා සිටුවීමට පුළුල් වැඩපිළිවෙලක් අවශ්‍ය බවයි ජනාධිපතිවරයා සදහන් කළේ.

ශ්‍රී ලංකා කුළුබඩු සංගමයේ 19 වන වාර්ෂික මහා සභා රැස්වීමට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

පසුගිය වසර කිහිපයක කාලය තුළ කුළුබඩු කර්මාන්තය නොසලකා හැරීම හේතුවෙන් එමගින් ලැබෙන ආදායම අඩුවී ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

ඉදිරි ආර්ථික ක්‍රියාකාරකම් තුළදී තරගකාරි සහ විදේශ විනිමට ගෙනන අපනයන ආර්ථිකයක් කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා

WhatsApp Group

Skip to content