කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් ඉදිරියේ දී හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව බුද්ධශාසසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා.

ඒ සම්බන්ධයෙන්  සාකච්ඡාවක් ලබන 15 වනදා මහානායක හිමිවරුන් සමග සිදුකිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවා.

ඒ අනුව දරුවන් සසුන්ගත කිරීමට වයස් සීමාව තීරණය කිරීම  මහානායක හිමිවරුන්ට පවරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ සම්බන්ධව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමගද සාකච්ඡා කිරීමට කටයුතු කරන බවද බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා  වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content