කුලුබඩු වර්ග කිහිපයක්, ප්‍රතිඅපනයනය සදහා මෙරටට ආනයනය කිරීමට අවසර ලබා දීම සම්බන්ධයෙන් වූ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කහ, ඉඟුරු හා කරදමුංගු ආදි මෙරට කුලුබඩු වර්ග කිහිපයක් ප්‍රතිඅපනයනය සදහා මෙරටට ආනයනය කිරීමට අවසර දෙමින් රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමටයි පියවර ගත්තේ.

කෙසේ වෙතත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දී ඇත්තේ කුලු බඩු වර්ග ප්‍රතිඅපනයනය සදහා ආනයනයට අවසර ලබාදීම මගින් දේශීය කුලුබඩු ගොවියා අධෛර්්‍යමත් වන බවයි.

WhatsApp Group

Skip to content