කොළඹ කුරුඳුවත්ත නිදහස් වටරවුමේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටියදී අනතුරට ලක්ව මියගිය පොලිස් කොස්තාපල්වරයා සැරයන් නිලයට උසස් කර තිබෙනවා.

රථවාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටියදී සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ අදාළ පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජිවිතක්ෂයට පත් වුනා.

සිද්ධියෙන් මියගිය පොලිස් කොස්තාපල්වරයා 25 හැවිරිදි වලස්මුල්ල ප්රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම අනතුර සිදු කළ මෝටර් රථයේ රියදුරු ඊයේ පස්වරුවේම කුරුදුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර 27 හැවිරිදි වියේ පසුවන ඔහු කොළඹ පෞද්ගලික ආයතනයක සේවය කරන තාක්ෂණික ඉංජිනේරුවරයෙකු බවයි සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content