මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක්ව මෝටර් රථ ප්‍රවාහන ජංගම සේවාවක් කුරුණෑගල නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා යන දිනයන් හිදි උදෑසන 8.30 සිට පස්වරු 5.30 දක්වා කුරුණෑගල සර් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලයේදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සදහන්.

මෙහිදි ලියාපදිංචි සහතික සංශෝධනය කිරීම, රියදුරු බලපත්‍ර අයදුම් කිරීම, පැවරුම් සහතික ලබා ගැනීම ඇතුඵ සේවාවන් රැසක් සිදු කරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

WhatsApp Group

Skip to content