අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා ගෙන සිටි සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් කුඩු සළිඳුව ලබන මාර්තු 25 දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පානදුර ප්‍රධාන මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා නියෝග කර ඇත.

සැකකරු මැඩගස්කර රාජ්‍යයේදී 2023 මාර්තු 13 දා අත්අඩංගුවට ගෙන ජාත්‍යන්තර පොලීසියෙන් රතු වරෙන්තුවක් ලබාගෙන විමර්ශන හයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

WhatsApp Group

Skip to content