මත්කුඩු සමග රත්ගම වැල්ලබඩදී, කාන්තාවක් ඊයේ (17) පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.

එම කාන්තාව දකුණු පළාතේ පාසල් කිහිපයක කරාතේ උපදේශිකාවකගේ මවක බව සඳහන්.

එහිදී පොලිසිය සඳහන් කළේ මෙම සැකකාරිය මීට පෙරද මත්කුඩු සන්තකයේ තබාගෙන සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත නිදහස් වූ අයෙකු බවද වාර්තා වේ.

WhatsApp Group

Skip to content