මෙරට කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාකයින් වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකගවී තිබෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග පැවති සාකච්ඡාවකදියි ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් මේ බව ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාකයින් ඇතුළු ව්‍යාපාරිකයින් පිරිසක් ආසියානු සංවර්ධ බැංකුවේ මෙරට නියෝජිතයින් හමුවී තිබෙනවා.

සහන පොලියට ණය ලබා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට මේ තුළින් හැකිවනු ඇති බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content