ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් නවීන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සවිබල ගන්වමින් ඔවුන්ගේ ව්‍යවසායන් සවිමත් කිරීමට ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය එල්කේ ඩොමේන් රෙජිස්ට්‍රි LK Domain Registry ආයතනය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරනු ලැබීය.

මෙම ගිවිසුමට ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය වෙනුවෙන් සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම මහතා හා Lk Domain Registry ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරි මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පසුගියදා ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලයේ දී අත්සන් කරනු ලැබීය.

මෙම ගිවිසුම මඟින් උපායමාර්ගික හවුල්කාරිත්වය ඔස්සේ.ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සවිබල ගැන්වීමට පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

WhatsApp Group

Skip to content