අත්අඩංගුවට ගත් මිනුවන්ගොඩ බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙනේ සහ මෙහෙණි ආරාමයේ ප්‍රධාන සිල්මෑණියන් ලබන මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, එම සිල්මෑණියන් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම ප්‍රධාන සිල්මෑණියන් මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ අදාල ආරාමයේ වැඩවාසය කළ බාලවයස්කාර සිල්මෑණිවරුන් තිදෙනෙකුට සහ පැවදි වීමේ අපේක්ෂාවෙන් සිටි කාන්තාවකට බැණ තර්ජනය කිරීම අතු`ඵව පහරදීමේ චෝදනා කිහිපයක් මුල් කරගනිමින්.

මේ වන විට සිවුරු හැරදමා ගොස් ඇති වයස අවුරුදු 12, 15 සහ 18 යන වයස්වල පසුවන ඔවුන් තිදෙනා සහ පැවදි වීමට අපේක්ෂාවෙන් ආරාමයේ සිටි 32 හැවිරිදි කාන්තාව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

ප්‍රධාන සිල්මෑණියන්ගෙන් සිදුවන පීඩා ඉවසාගත නොහැකිව අදාල ආරාමයෙන් මොවුන් පලා ගොස් තිබුණේ පසුගිය 24 වන දායි.

පසුව මෙම පිරිස සොයාගත්තේ එම ආරාමයේ පැවදි වීමට අපේක්ෂාවෙන් සිටි කාන්තාවගේ නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ඥාතියෙකුගේ නිවසක සිටියදියි.

WhatsApp Group

Skip to content