දේශීය සහ විදේශීය ළාබාල තරුණියන්ගේ සහ කුඩා දරුවන්ගේ නිරුවත් වීඩියෝ විශාල මිල ගණන්වලට අලෙවි කළ රාගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ වාසය කරනු ලබන 19 හැවිරිදි හිමිනමක් පරිගණක අපරාධවිමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබනෙවා.

එලෙස අත්අඩංගුවට ගැනුනු හිමි නමගේ පරිගණකයේ සහ ජංගම දුරකථනයේ එවැනි නිරුවන් වීඩියෝ දර්ශන 3000ක් ද තිබී සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

අදාළ වීඩියෝ දර්ශනව විදේශීය අවුරුදු 4ත් 5ත් යන වයස්වල දරුවන් ලිංගිකව හැසිරෙන ආකාරය, වැඩිසිහිටියන් සමග දරුවන් ලිංගිකව හැසිරෙන ආකාරය දසුන් ඇති බවත් දේශීය දරුවන්ගේ යුවතියන්ගේ ඇඳුම් උනා දමන දර්ශන සහ යුවතින්න්ගේ ලිංගික දර්ශනද ඇතුළත් වන බව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය පවසනවා.

ටෙලිග්‍රෑම් මාධ්‍ය ජාලය වෙත දැන්වීමක් පළකරමින් මෙවන් දේශීය සහ විදේශීය දරුවන්ගේ නිරුවත් වීඩියෝ දර්ශන ලබාගැනීමට හැකි අයට ඒ සඳහා අමතන ලෙස පළ කරන ලද දැන්වීමකට අනුව මෙම වැටලීම සිදු කර තිබෙනවා.

පසුව එම ටෙලිග්‍රෑම් ජාලය හරහා පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ඒ සඳහා රුපියල් 2000ක මුදලක් ගෙවීමෙන් අනතුරුව මෙම වීඩියෝ දර්ශන විකිණීම සිදු කරනු පුද්ගලයා අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා.

පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී එම ක්‍රියාවේ යෙදෙන පුද්ගලයා වයස අවුරුදු 19ක හිමිනමක් බවට තොරතුරු හෙළිව තිබෙනවා.

පසුව කරන ලද විමර්ශනයකදී එම හිමිනම රැඳී සිටි කුටියේ තිබූ පරිගණක තුනක් සහ වීඩියෝ පට 3000 ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.

මෙම රූප රාමු තුළ විදේශීය රටවල අවුරුදු 4, 5 වයස්වල දරුවන්ද සිටින බව වාර්තා වනවා.

සැකකාර හිමිනම පරිගණක අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන රහස් පොලිස් මූලස්ථානයට රැගෙන ගොස් දීර්ඝ ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

මෙම නිරුවත් වීඩියෝවලට පෙනී සිටින දේශීය ළාබාල පාසල් වියේ පසුවන යුවතියන් සහ දරුවන් කවුදැයි හඳුනා ගැනීමට සහ එම දර්ශන සැකකාර හිමිනමට ලැබී ඇත්තේ කෙසේද යන්න සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව එම කොට්ඨාසය වැඩිදුරටත් පවසනවා.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content