එළඹෙන යල කන්නයේ හෙක්ටාර 500ක කීරි සම්බා විශේෂ වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

වී අලෙවි මණ්ඩලය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව හා ගොවි භාරකාර අරමුදල එක්වයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ.

දැනට කීරි සම්බා වගා නොකරන ප්‍රදේශවල මෙම වගා කටයුතු සිදු කිරීම මෙහි විශේෂත්වයක්.

ඒ අනුව හම්බන්තොට හා රත්නපුර යන දිස්ත්‍රික්වල උඩවලව කලාපයේ තෝරා ගත් කුඹුරු හෙක්ටාර 500 ක මෙම වගා කටයුතු සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.

ගොවීන්ට අවශ්‍ය බිත්තර වී ඇතුළු පහසුකම් නොමිලේම ලබාදීම මෙහි තවත් විශේෂත්වයක් වනවා.

WhatsApp Group

Skip to content