අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහනට සම්බන්ධ රාජ්‍ය බැංකු පද්ධතියේ නිලධාරීන් කැඳවා අද දිනයේ සාකච්චාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා .
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ කියා සිටියේ කිසිදු බාධාවකින් තොරව ජනතාවට අදාළ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කිරීමට මෙම සාකච්චාව පවත්වන බවයි .

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 8ක් සඳහා ඊයේ පෙරවරුවේ අදාළ මුදල් බැංකු වෙත නිකුත් කිරීමට කටයුතු කළා .
ඒ සදහා රුපියල් බිලියන 5ක මුදලක් මහා භාණ්ඩාගාරය මගින් බැංකු වෙත ලබා දී ඇති බවයි වාර්තා වන්නේ .

මේ අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන පිලිබදව මාධ්‍ය වෙත අදහස් පල කල රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා .

https://www.vnews.lk/storage/2023/08/SHEHAN-SEMASINHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content