කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහනේ අවසන් අදියර මීළඟ අයවැය හරහා මුදල් ලබාගෙන සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පැවසීය.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවත් ඔවුන්ට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලබා දීමේ ක්‍රියාමාර්ග මේ වන විටත් සම්පාදනය කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

WhatsApp Group

Skip to content