කිලිනොච්චිය මහ රෝහලේ ළමුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවූ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා පැවසුවේ රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඒ සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තාව තමන් වෙත ලබා දීමට නියමිත බවයි.

එම ළමුන් ජීවිතක්ෂයට පත්වීමට හේතුව ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වයේ පැවති දුර්වලතා බවට අනාවරණය වී ඇති බවද ඔහු පැවසුවා.

මේ අතර සෞඛ්‍ය වෘත්තිකයින්ගේ ජාතික ව්‍යාපාරයේ සම කැඳවුම්කරු වෛද්‍ය චමිල් සංජීව මහතා පැවසුවේ එම දරුවන්ගේ මරණවලට හේතුව සම්බන්ධයෙන් නිශ්චිත කාරණයක් මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

https://www.vnews.lk/storage/2023/07/CHAMAL-SANJEEWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content