කිලිනොච්චි උදයනගර් ප්‍රදේශයේදි සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙ‌නෙකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසනවා.

WhatsApp Group

Skip to content