කිරුළපන ප්‍රදේශයේදී වෙඩිතැබීමක් සිදුවී තිබෙනවා.

කිරුළපන මාවතේ පුද්ගලික රබර් කර්මාන්ත ශාලාවක ප්‍රධාන කාර්යාලයට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙක් විසින් ඊයේ රාත්‍රියේ එම වෙඩිතැබීම සිදුකර පළාගොස් ඇති බවයි පොලීසිය සදහන් කළේ.

පිස්තෝල ගිනිඅවියකින් එම වෙඩිතැබීම සිදුකර අතර හිස් පතොරම් කොපු 03ක් එම ස්ථානයේ වැටී තිබියදී පොලීසිය සොයාගෙන තිබෙනවා.

වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පොලීසිය වැඩිදුරට පරීක්ෂණ සිදුකරනු ලබනවා.

WhatsApp Group

Skip to content