යාපනය ඉනුවිල් ප්‍රදේශයේදී දින 40 ක් වයසැති කුඩා බිලිඳියක් කිරි උගුරේ සිරවීමෙන් මිය ගොස් තිබෙනවා.
බිලිඳියගේ මව විසින් සිය දියණියට කිරී ලබා දී ඇඳෙහි තබා ඇති අතර පසුව ස්වල්ප වේලාවකින් දියණියගේ ප්‍රතිචාරයක් නොමැති වීමෙන් පරික්ෂා කෙට එම අවස්ථාවේදීම තෙලිප්පලෙයි රෝහල වෙතට රැගෙන ගොස් තිබෙනවා.
කෙසේ වෙතත් රෝහල වෙතට රැගෙන එන විටත් දැරිය මිය ගොස් සිට ඇති බවට රෝහල් වෛද්‍යවරුන් පවසන්නේ.

අනතුරුව දැරිය මරණය සමබන්ධයෙන් සිදුකල මරණ පරික්ෂණ වාර්ථාවෙන් අනවරනය වී ඇත්තේ දැරියට කිරි උගුරේ සිරවීමෙන් හුස්ම ගැනීමට අපහසු වී මෙම මරණය සිදුව ඇති බවටයි.

WhatsApp Group

Skip to content