ආනයනික කිරි පිටි සඳහා පනවා තිබූ බද්ද ඉහළ නැංවුවද වෙළඳපොළෙහි කිරිපිටි මිල ඉහළ දැමීමක් සිදු නොකරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරි පිටි කිලෝග්‍රෑමයක් සඳහා වූ වරාය සහ ගුවන් සේවා බද්ද සියයට 10 කින් ඉහළ දැමීමට වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කටයුතු කලා.

fමි අතර ආනයන සීමා තවදුරටත් ලිහිල් කිරීමට රජයේ අවධානය යොමුවී තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ දැනට ආනයන සීමා පනවා ඇති වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයක සීමා ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

ලබන මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ආනයන සීමා ලිහිල් කිරීම සිදුකෙරන බව ද රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/09/SHEHAN-SEMASINGHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content