කිරි තේ කෝප්පයක මිල අද සිට රුපියල් 10 කින් අඩු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අසේල සම්පත් මහතා කියා සිටියේ කිරිපිටි මිල පහත දැමීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව රුපියල් 100ක් ව පවතින කිරි තේ කෝප්පයක මිල රුපියල් 90 දක්වා අඩු කරන බවයි ඒ මහතා කියා සිටියේ.

මේ අතර අප්‍රේල් මස මුල සිට කිරිපිටි මිල ගණන් පහත දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය පසුගියදා තීරණය කළා.

එම සංසදයේ සමාජික අශෝක බණ්ඩාර මහතා කියා සිටියේ ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල පහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ අනුව කිරිපිටි කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 200 කින් හා ග්‍රෑම් 400 ක මිල රුපියල් 80 කින් පහළ දමන බවයි කිරිපිටි ආනයනකරුවන්ගේ සංසදය ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content