කිමිදුම්කරුවන් සඳහා ජීවිත රක්ෂණයක් ලබා දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබෙනවා.

රජයේ ගිණුම් පිළිබද කාරක සභාවට හමුවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරින් කැඳවු අවස්ථාවේදි මේ බව අනාවරණ වුණා.

කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙහිදී කිමිදුම්කරුවන්ට ජීවිත රක්ෂණයක් ලබා දීම සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාවලියේ ප්‍රගතිය නිලධාරීගෙන් විමසා සිටියා.

එහිදී නිලධාරීන් ප්‍රකාශ කළේ එක් රක්ෂණ ආයතනයක් පමණක් ඊට එකඟ වී ඇති බවයි.

WhatsApp Group

Skip to content