මෙරට පළාත් සභා සහ මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් පද්ධතිය වඩාත් විධිමත්ව සහ ඉහළ පහසුකම්වලින් සමන්විත රෝගී සත්කාර සේවා සමඟින් පවත්වා ගෙන යාම මුලික අරමුණ කර ගනිමින් දිස්ත්‍රික්ක මට්ටමින් එම රෝහල්වල පවතින අඩුපාඩු සොයා බලමින් එයට කඩිනම් විසඳුම් ලබාදෙමින් මෙරට ජනතාවට ගුණාත්මක විධිමත් සෞඛ්‍ය සේවාවක් ලබාදීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ අදහසකට අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

ඒ අනුව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (04) කෑගල්ල, ගම්පොල සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල් වල විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර, එහි දී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අතීතයේ සිට වර්තමානය දක්වාම මෙරට සෞඛ්‍ය සේවාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සංරක්ෂණය සදහා විශිෂ්ට වැඩකොටසක් සිදු කර ඇති බවයි.

එහෙත් මේ වනවිට සාමාන්‍ය දරු උපත් අඩුව ඇති බවත්, සිසේරියන් සැත්කම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් එය සියයට 50 ක අගයක් ගන්නා වන බව ද පැවැසිය.
එය හොද තත්ත්වයක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි .

කෑගල්ල, ගම්පොල සහ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල්වල බාහිර රෝගී අංශය, සායන, වාට්ටු, මුළුතැන්ගෙය, රසායනාගාරය, ඖෂධ ගබඩා, ශල්‍යාගාර, හදිසි ප්‍රතිකාර ඒකක, සහ විශේෂ ඒකක සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිරික්ෂණයට ලක් විය.

WhatsApp Group

Skip to content