කැළෑ ගිනි තැබීම් සහ සතුන් දඩයම් කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි අමාත්‍යවරිය නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් ඊයේ කොළඹ දී විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා.

වනාන්තර ගිනිතැබීම් වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට මෙහිදී යෝජනා වී තිබෙනවා.

WhatsApp Group

Skip to content