කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙකුට පහර දීමක් හේතුවෙනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කැළණිය විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ වෛද්‍ය පීඨය හැර කැළණිය විශ්වවිද්‍යාලය අද පස්වරු 2 සිට නැවත දැනුම්දෙන තුරු වසා දමන බවයි.

ඒ අනුව සියලුම සිසුන් හෙට උදෑසන 5 ට පෙර නේවාසිකාගාරවලින් ඉවත් විය යුතු බවයි එම නිවේදනයෙන් දැනුම් දෙන්නේ.

මේ අතර නැවත දැනුම්දෙන තුරු කැළණිය විශ්වවිද්‍යාලයේ ද`ඵගම පරිශ්‍රය ඇතු`ඵ විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන්, සියලුම අභ්‍යන්තර මෙන්ම භාහිර නේවාසිකාගාර සිසුන්ට තහනම් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content