මධ්‍යම අප්‍රිකාවට අයත් රටක් වන කැමරූන් හී ඩුවාලා නගරයේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එහිදී තවත් පුද්ගලයන් 31 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

කඩා වැටුනු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර විශාල පිරිසක් සිරවී ඇති අතර, ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content