කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ ලිබරල් නායක ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට පක්ෂ අභ්‍යන්තරයෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, ලිබරල් මන්ත්‍රීවරුන් ඊයේ (23) එරට පාර්ලිමේන්තුවට රැස්වී මෙම තීරණය ගෙන ඇති බවයි.

අග්‍රාමාත්‍යවරයා සහ ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පක්ෂය තුළ වැඩෙන අතෘප්තිය මධ්‍යයේ මන්ත්‍රීවරුන් මෙම තීරණයට එළඹ ඇති අතර ඔවුන් එය අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි ද වාර්තා වනවා.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මෙම රැස්වීම පොදු මන්ත්‍රී මණ්ඩලයේ සැසිවාරය පැවැත්වෙන අතරතුර සතිපතා පැවැත්වෙන දේශපාලන බල මණ්ඩලයේ රැස්වීම්වල කොටසක් බවයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඊයේ පැවැති රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔවුන්ගේ ගැටළු සහ කලකිරීම් කෙලින්ම අගමැති ටෘඩෝ වෙත ප්‍රකාශ කිරීමට වේදිකාවක් වූ බව ද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරනවා.

විරුද්ධ මත දරන ලිබරල් මන්ත්‍රීවරුන් ඔක්තෝබර් 28 වනදා වන විට ඔහුගේ අනාගතය තීරණය කිරීමට ටෘඩෝට අවසාන නිවේදනයක් ලබා දීමත් සමඟ ටෘඩෝ ඔහුගේම පක්ෂය තුලින්ම වැඩිවන පීඩනයකට මුහුණ දී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා හට මෙලෙස ඉල්ලා අස්වන්නැයි බලපෑම් එල්ල වීමට ඔහු ඉන්දියාව සමග ඇති කර ගත් රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය දැඩි ලෙස බලපා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

WhatsApp Group

Skip to content