කැනඩාවේ අගනුවර වන ඔටාවා හි නිවසක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් ශ්‍රී ලාංකිකයින් බවට හඳුනාගත් පවුලක 6 දෙනෙක් ජීවික්ෂයට පත්ව තිබෙනවා.

එහිදී එම පවුලේ මව සහ දරුවන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර පියා බරපතළ තුවාල සහිතව රෝහලේ ගත කර ඇත.

කෙසේවෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පුද්ගලයා 19 හැවිරිදි ෆේබි්‍රයන් ද සොයිසා නැමැති කැනඩාවේ අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකිකයෙක් බවටයි අනාවරණය වී ඇත්තේ.

මෙම පිරිස ඝාතනය පළමුවෙන් වෙඩි තැබීමක් ලෙස එරට පොලීසය දක්වා තිබුණද, පසුව මෙම ප්‍රකාශ කළේ තියුණු ආයුධයකින් මෙම ඝාතන සිදු කර ඇති බවයි.

WhatsApp Group

Skip to content