බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත්, ගාල්ල සහ මාතර මෙන්ම පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම උතුරු මැද පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවටයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

මේ අතර ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සදහන්.

එමෙන්ම මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු මැද පළාත්වලත්, පුත්තලම, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ත් 45 ත් අතර තද සුළං ඇති විය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියව

 

WhatsApp Group

Skip to content