ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රි ලංකාව සහභාගි වන පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව පළමුවෙන් පන්දු රැකීමටයි ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කරනු ලැබුවේ.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිත මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු දෙකට පමණ ඉන්දියාවේ දිල්ලිහිදී ආරම්භ වීමට නියමිතයි.

ආබාධිත තත්ත්වයක් හේතුවෙන් මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණට ක්‍රීඩා කිරීමට අවස්ථාව නොලැබෙන අතර ආබාධාවලට ලක්ව සිටි කුසල් පෙරේරාට සහ දසුන් ශානක අද තරගයට ක්‍රීඩා කිරිමට සුදුසු තත්ත්වයේ පසුවනවා.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මින් පෙර ලෝක කුසලාන එක්දින තරගාවලීන්හිදී තරග හයකදී එකිනෙකා මුණගැසී ඇති අතර ඉන් තරග හතරක් දකුණු අප්‍රිකාව ජයගෙන ඇත අතර ශ්‍රී ලංකාව එක් තරගයක් ජයගෙන තිබනෙවා.

එක් තරගයක් අවසන් වී තිබෙන්නේ ලකුණු සමවීමෙන්.

WhatsApp Group

Skip to content