ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 21 වන තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර මේ වන විට ආරම්භ වී තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා සමත් වූ අතර ඔවුන් පළමුවෙන් පන්දු යැවීමටයි එහිදී තීරණය කළේ.

කෙසේ වෙතත් අද තරගයට සහභාගි වන ඉන්දීය කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.
ඒ හර්දික් සහ ෂර්දුල් වෙනුවට සූර්යකුමාර් යාදෙව් සහ මොහම්මද් ශාමි කණ්ඩායමට කැඳවීමයි.
නවසීලන්ත කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු වී නැහැ.
තරගයට සහභාගි වන කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් මෙසේය.
India XI: Rohit, Gill, Kohli, Iyer, Rahul, Suryakumar, Jadeja, Shami, Kuldeep, Siraj, Bumrah.

New Zealand XI: Conway, Young, Ravindra, Latham, Mitchell, Phillips, Chapman, Santner, Henry, Ferguson, Boult.

තරගය ඉන්දියාවේ ධර්ම්ශාලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ සජීවි ලකුණු සටහන පහතින් නරඹන්න.

WhatsApp Group

Skip to content