ජාතික ශූරතා මළල ක්‍රීඩා තරගාවලියේ නව තරගාවලි වාර්තාවක් බිහි කිරීමට කාලිංග කුමාරගේ අද සමත්වුණා. ඒ, මීටර 400 පිරිමි ධාවන ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනාගනිමින්.

ඔහු ඒ සඳහා තත්පර 45 යි දශම බින්දුවයි හතක කාලයක් ගතකර තිබුණා. එය කාලිංගගේ පෞද්ගලික හොඳම දක්ෂතාවද වනවා.

එම ඉසව්වේ දෙවන ස්ථානය අරුණ දර්ශන විසින් හිමිකරගත් අතර, ඒ සඳහා ඔහුට තත්පර 45 යි දශම හතරයි පහක කාලයක් ගතවුණා.

කොළඹ සුගතදාස ක්‍රිඩාංගනයේ පැවැත්වෙන ජාතික ශූරතා මළල ක්‍රිඩා තරගාවලියේ අද දෙවන දිනයයි.

WhatsApp Group

Skip to content