කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ අද දිනයේ උතුර, උතුරුමැද, නැගෙනහිර පළාත්වලට සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවේ එළිමහනේ කටයුතු කිරීමේදී දැඩි සැලකිල්ලකින් ක්‍රියා කළ යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/08/MALITH-FERNANDO-EDIT.mp3?_=1

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ දිවයිනේ තැනින් තැන වැසි ඇති වුවද උණුසුම පහව ගොස් නොමැති බවයි.

https://www.vnews.lk/storage/2023/08/ATHULA-KARUNANAYAKA-EDIT.mp3?_=2

 

WhatsApp Group

Skip to content