දිවයින හරහා ගමන් කරමින් පැවති පීඩන අවපාතය ඊයේ රාත්‍රියේ අඩු පීඩන කලාපයක් බවට පත්ව දිවයිනෙන් ඉවතට ගමන්කර ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

ඒ අනුව අද දිනයේ සිට දිවයිනේ කාලගුණයට ඉන් එල්ලවන බලපෑම අඩුවනු ඇති බවට අපේක්ෂා කරන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියා .

මේ අතර අද දිනයේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි .

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

WhatsApp Group

Skip to content