පවතින වියළි කාලගුණය හමුවේ අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.

ඒ දෛනික ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබා දීම හෝ සීමා කිරීමට සිදුව ඇති බවයි, ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන අනෝජා කලුආරච්චි සඳහන් කළේ.

WhatsApp Group

Skip to content