දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව, දකුණු,වයඹ සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පෙරවරුවේ නිකුත් කළ නවතම වාර්තාවට අනුව උදෑසන 06 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතතනය හොරණ ප්‍රදේශයට ලැබී තිබෙනවා.

මේ අතර අත්තනගලු ඔය සහ උරුවල් ඔය ආශ්‍රිත පහත් බිම්වලට ඉදිරි පැය 48 තුළ ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නායයෑම් පිළිබඳව අදියර 1 යටතේ විශේෂ නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය පැය 24 ක කාලය තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවා වර්ෂාව ඇද හැලීම හේතුවෙන් නායයෑම්, බෑවුම් කඩා වැටීමේ, ගල් පෙරළීමේ, පස් කණ්ඩි කඩා වැටීමේ සහ පොළොව ගිලා බැසීමේ අවදානම් පිළිබඳව සැලකිල්ලෙන් පසුවන ලෙසයි.

WhatsApp Group

Skip to content