අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හැටන් අධ්‍යාපන කලාපයට අයත් සියලුම රජයේ පාසල් අද වසා තැබෙනවා.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දුන්නා .

මේ අතර දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, බස්නාහිර, සබරගමු, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවයි .

ඌව පළාතේත්, අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් .

මේ අතර දිස්ත්‍රික්ක 3 කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා .

එම අනතුරු ඇඟවීම් නිකුත් කළේ, රත්නපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරුනා.

රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා

 

WhatsApp Group

Skip to content