ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ අතර නැගෙනහිර, ඌව, උතුර සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු සහ උතුරු මැද යන පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකියි.

මේ අතර දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවා.

https://www.vnews.lk/storage/2023/10/MALITH-FANANDO-EDIT-1-1.mp3?_=1

මේ අතර දිස්ත්‍රික් කිහිපයකට පනවා ඇති නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් බලාත්මක වනවා.

කොළඹ, ගම්පහ, මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහාද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑම් අවධානම් පිළිබඳ අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර තිබුණා.

මේ සමබන්ධයෙන් අදහස් පල කල ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධිර මහතා.

https://www.vnews.lk/storage/2023/10/WASANTHA-SENADHIRA-EDIT-.mp3?_=2

මේ අතර තවදුරටත් වැසි ඇදහැළුණහොත් ගංගා ජල මට්ටම් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

මේ ඒ පිළිබද පැහැදිලි කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා.

https://www.vnews.lk/storage/2023/10/SUGEESHWARA-EDIT-2.mp3?_=3

WhatsApp Group

Skip to content