අද දිනය වන විට පවතින වැසි තත්ත්වයේ අඩු වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද දිනය තුළ බස්නාහිර, සබරගමුව පළාත්වල සහ ගාල්ල , මාතර සහ පුත්තලම දිස්ත්‍රික්වලට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග කැළිණි ගග හංවැල්ල ප්‍රදේශයෙන් ගංවතුර මට්ටමකට පැමිණ තිබෙනවා.

තවදුරටත් එම ප්‍රදේශයට වැසි ඇතිවුවහොත් අවදානම් තත්ත්වයක් මතුවන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සදහන් කළේ.

එමෙන්ම අත්තනගලු ඔයේ ගංවතුර නිම්නයට අයත් ගම්පහන , මිනුවන්ගොඩන ජා-ඇල , කටාන සහ වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ගංවතුර අවදානමක් මතුව ඇති බවයි සුගීෂ්වර මහතා සදහන් කළේ.

මේ අතර ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 3244 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ, මාතර දිස්ත්‍රික්කයේ පවුල් 596 ක පුද්ගලයින් 2600 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

කළුතර දිස්ත්‍රික්කයේ පවුල් 13 ක පුද්ගලයින් 50 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 151 ක් වන අතර, එහි පුද්ගලයින් සංඛ්‍යාව 594 ක්

WhatsApp Group

Skip to content