දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අද දිනයේදීත් බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

මේ අතර පවතින අධික වර්ෂාපතනයත් සමග ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

එහි ජලවිද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේ නිල්වලා ගංගාවේ පහළ ප්‍රදේශවල පවතින ගංවතුර තත්ත්වය සුළු වර්ධනයක් සිදුවිය හැකි බවයි.

එමෙන්ම ගංගා අවට පහත් බිම් අවට ජීවත් වන ජනතාව වඩාත් සැලකිලිමත්ව කටයුතු කරන ලෙයසි සුගීෂ්වර මහතා සදහන් කළේ.

ගංවතුර තත්ත්වයන් පවතින ප්‍රදේශවල අතුරු මාර්ග ඔස්සේ ගමන් කිරීමේ දැඩි අවධානයක් යොමුකරන ලෙස සුගීෂ්වර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

https://www.vnews.lk/storage/2023/09/SUGEESHWARA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content