උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම වවුනියාව, මුලතිව් සහ මොණරාගල දිස්ත්‍රික්කවලට අද දිනයේදී උණුසුම් කාලගුණයක් ඇති විය හැකි බවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය එනම්, මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේදී අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.

මේ සදහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සෙවන ඇති ස්ථානවල හැකිතාක් විවේක ගැනීම, ලා පැහැති ඇදුම් භාවිතා කිරීම, අධික වෙහෙසකාරි කටයුතු සීමා කිරීම වැනි උපදෙස් එම ප්‍රදේශවල ජනතාව පිළිපැදිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එමෙන්ම අධික උණුසුම් කාලගුණයත් සමග අක්ෂි සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

මෙම කාලගුණික තත්ත්වය හමුවේ ඇස්වල විවිධ සංකූලතා මතු විය හැකි බවයි ජාතික අක්ෂි රෝහලේ වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ.

WhatsApp Group

Skip to content