පවතින කාලගුණික තත්ත්වය හමුවේ මේ වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක 08ක පවුල් 8,974කට අයත් පුද්ගලයින් 33,493 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එමෙන්ම නිවාස 80කට හානි සිදුව ඇති අතර, පීඩාවට පත් පිරිසෙන් පුද්ගලයින් 1,775 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 10ක රඳවා තිබෙනවා.
මේ අතර අධික වර්ෂාවත් සමග ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කරනු ලබුවා.
ඒ අනුව බදුල්ල, කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක 09 සඳහා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
මේ අතර නාය යාම් වලට ලක්වන ප්‍රදේශ සඳහා පිළියම් යෙදීමට අද දිනයේදී විශේෂ සාකච්ඡාවක් ජානාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content