ඉදිරි පැය 24ක කාලය තුළ වයඹ, බස්නාහිර, දකුණ යන පළාත් මෙන්ම රත්නපුර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවල ජනතාවට විමසිලිමත්වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

නිවේදනයට අනුව ඉහත සඳහන් ප්‍රදේශ වල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැ‍නෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

WhatsApp Group

Skip to content