මව්වරුන්, දරුවන් සහ තරුණයන් වෙනුවෙන් ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කොළඹ දිස්ත්‍රික්කයේ මව්වරුන් 2,500කට සහල් කිලෝ 20 බැගින් වූ පෝෂණ සලාක ලබාදීමේ වැඩසටහනකට කොළඹදී ඊයේ එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

කාන්තාවන්ගේ සෞඛ්‍ය සනීපාරක්ෂක කටයුතු අවශ්‍ය අදාළ මෙවලම් නොමිලේ ලබාදෙන ජාතික වැඩසටහන සිය පාලනයක් යටතේ ඇති කරන බවද විපක්ෂනායකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියා.

WhatsApp Group

Skip to content