රටක් ලෙස අසීරු කාලයේ අවසන් කොටස අප ගතකරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පසුගිය අභියෝගාත්මක කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ භූමිකාව මෙරට කාටුන් ශිල්පීන් දුටු අන්දම එක්කර පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා විසින් සම්පාදනය කළ “Press Vs Prez” කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

පසුගිය කාලය තුළ රජය අසීරුවෙන් හෝ ගෙන ගිය වැඩපිළිවෙල හේතුවෙන් අද රටේ ආර්ථිකයේ ධනාත්මක වර්ධනයක් සිදුව ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ.

ඒකාධිපති රජ්‍යයක කිසිදු අවස්ථාවක මෙවන් නිර්මාණ බිහි නොවන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

එමෙන්ම ඉදිරියේදී මැතිවරණ පවත්වන බැවින් කාටූන් ඇඳීමට තවත් මාතෘකා ලබාදෙන බවද ඒ මහතා පැවසීය.

WhatsApp Group

Skip to content